Sunday, April 25, 2010
.
ඔන්න අටටත් ලඟයි, ඒ කියන්නෙ මැරතන් එකේ අවසානයට අපි ඇවිල්ල.
ගොඩක් අය උදේ රෑ නැතුව දිව්ව, සමහරු සැරෙන් සැරේ දිව්ව, සමහරුන්ට ටික දුරක් දුවනකොටම හති වැටුන.
කොහොමෙන් කොහොම හරි අවසානය දක්වා ආපු කස්ටියට මගෙත් ප්‍රණාමය හා සුභ පැතුම්.
හැමදාම සිංහල බ්ලොග් දියුණුවෙන් දියුණුවට පත් වේවා...

මේ දිවිල්ලට වතුර ගහන්න ආපු අයටත් මගේ ස්තුතිය. මටත් ව්ගේම අනිත් අයටත් උදව් කරපු හැමෝටම ස්තුතිය.
මෙම අවස්ථාව සංවිධානය කරල කරගෙන ගිය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ හා අනෙකුත් අදාල හැමෝටමත් මගේ ස්තුතිය.
ඔන්න එහෙනම් මේ මැරතන් එක වෙනුවෙන් මම මේ බ්ලොග් එකේ ලියන අවසාන ලිපිය මෙන්න මෙහෙම පල කරනවා............
ආවඩා ආයුබෝ වෙවා.......


FlauntR කියන්නෙ ඔන්ලයින් තියෙන ඡායාරූප එඩිට් කරන්න පුළුවන් වෙබ් අඩවියක්. මෙතන එඩිටිං විතරක් නෙමෙයි, එඩිට් කිරීම, ප්‍රින්ට් කිරීම, බෙදා හදා ගැනීම වගේ සේවාවන් ගොඩක් කරගන්න පුළුවන් අඩවියක්.





.
Smak ly කියන්නෙ Social News Network එකක්. මේකෙ තියෙන social widget එකෙන් content aggregation, rate, recommend කරල, බ්ලොගර්ස්ලට වැඩිපුර ට්‍රැෆික්, වැඩිපුර backlinks එකතු කරනව.




.
මේකෙන් පුළුවන් ඔයාලගෙ වෙබ් පිටුවකට forum එකක් එම්බෙඩ් කරගන්න, හරියට youtube විඩියෝ එකක් එම්බෙඩ් කරගන්නව වගේ.
කාටවත් ඒකෙ රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ, එයාලගෙ ගූගල්, ෆේස්බුක්, ට්විටර් ගිණුම හරහා මේකට ලොග් වෙන්න පුළුවන්.
ලිපි පමණක් කියවන්නන්, ක්‍රියාශීලී සාමාජිකයින් කරගන්න මේකෙන් ඔයාලට පුළුවන්.





යක්කු බැඳ ගත්තට උං එක්ක වැඩ කරන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද උන් වැඩේ ඉක්මනටම ඉවර කරල ආපහු ඇවිල්ල ස්වාමියාගෙන් වැඩ ඉල්ලනව.
මම ඉස්සෙල්ල කතාවකත් කිව්වනෙ රාහුල හාමුදුරුවො යක්කුන්ගෙන් වැඩ ගත්ත කියල. මෙහෙම උන්නන්සෙ කියපු ඔක්කොම වැඩ ඉවර කරල යක්කු ඇවිල්ල උන්නාන්සෙට කරදර කරනව තවත් වැඩ ඉල්ලල. උන්නන්සෙට හරිම කරදරේ, නිදාගනන්වත් නෑ. ඉතින් මේ කරදරෙන් මිදෙන්න උන්නන්සෙ පොඩි උපායක් යෙදුව.
ඊලඟට යක්කු ආපු දවසෙ හාමුදුරුවො මෙන්න මෙහෙම වැඩක් දුන්න.
නාවා ගස් කපල ඒවයෙ අතු වල පට්ට ගසා වැවට දාල සතියක් තියන්න කිව්ව. සතියකට පස්සෙ ඒ ටික ගොඩ අරන් ආපහු අරන් එන්න කිව්ව.
ඉතින් යක්කුත් ඒ කිව්ව විදිහට නාවා කඳන් කපල පට්ට ගහල සතියක් තිබ්බ වතුරට දාල.
සතිය ඉවර උනාම යක්කු ගියා ඒ ටික අරගෙන එන්න. ඉතින් යක්කු වතුරට බැහැල ඒ කඳන් ටික ගොඩ ගන්න ට්‍රයි කළා. මොකද උනේ?
අනේ කොච්චර ට්‍රයි කළත් එක කොටයක්වත් ගොඩ ගන්න තියා උස්සගන්නවත් බෑ. කොට ඔක්කොගෙම හොඳට දිය සෙවෙළ බැඳිල ආඳ වගේ හැම එකක්ම ලිස්සල යනව. නාවා කඳක් පොතු ගහල පල් වෙන්න වතුරට දාල තිබ්බම ඒ දඬු අත තියන්නවත් බැරි තරම් ලිස්සනව, යකෙක්ට මිනිහෙක්ට තියා දෙය්යෙක්ටවත් ඒකක් නම් උස්සල ගන්න බෑ.
ඉතිං අනේ මේ අසරණ යක්කු ටික කොච්චර උත්සාහ කලත් වැඩේ කරගන්න බෑ. ඉතිඞ් උන් මොකද කළේ, හාමුදුරුවො දුන්න වැඩේ කරන්න බැරි වෙච්ච නිසා හාමුදුරුවො දඬුවම් කරයි කියන බයට ආපහු නොඑන්නම උන් ටික පැනල ගියා.
තමුන්ට නිතරම කරදර කරන යක්කුන්ගෙන් බේරෙන්න මේක තමා හොඳම ක්‍රමේ කියල හිතපු රාහුල හාමුදුරුවො, මේ කරන්න ඇරි වැඩේ දීල යක්කුන්ගෙන් බේරුනා.
මොකද්ද අනේ ඒ? 
මේක ඇවිල්ල sms යවන්න පුළුවන් ෆෝන් ඇප් එකක්. SafeBox කියන්නෙ තමුන්ගේ රහස් Contact List එකකට ඉතාම පහසුවෙන් කෙටි පණිවුඩ යවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් යවන, එන සියළුම තොරතුරු එම මෘදුකාංගය තුල සැමවිටම රහසිගතව ආරක්ෂා වෙලා තියෙනව.




.
ToDo.ly කියන්නෙ හරිම පහසුවෙන්, සරළ todo list එකක් එක්ක ටාස්ක් මැනේජර් එකක් හදාගන්න පුලුවන් වෙඩ් අඩවියක්. ඔයාලගෙ වැඩ සැලසුම් කරගන්න, පහසු කරගන්න මෙම අඩවියෞදව් කරාවි.




FileTwt කියන්නෙ Twitter Application එකක්,. ඔයාලට ඒකට ෆයිල් අප්ලෝඩ් කරල ඒව ට්විටරය තුළ බෙදා හදා ගන්න පුළුවන්. ෆයිල් එක ප්‍රයිවට් තියාගෙන ඒක අනිත් අයටත් දෙන්න ඕනෙ නම් ඒකෙ ලින්ක් එකක් ඩිරෙක්ට් මැසේජ් එකක් විදිහට යවන්නත් මේකෙම පහසුකම් තියෙනව.


Online Chart Generator 
තත්පර ගානෙන් ඔයාලට පුළුවන් ලස්සන 3D ප්‍රස්තාර හදා ගන්න.

මේක ඇවිල්ල  javascript වලින් වැඩ කරන එකක්, එක එක විදිහෙ ප්‍රස්තාර හදා ගන්න පුළුවන්.




CSS Chart Generator
ඉතා ඉක්මනින් CSS මගින් ප්‍රස්තාර හදා ගන්න පුළුවන් මේකෙන්.


Google Chart Tools
Google Chart Tool මගින් පුළුවන් ඕනෙම වෙබ් පිටුවකට සජීවී ප්‍රස්තාරයක් දාගන්න.


Onlinecharttool.com
නොමිලේම වගු, ප්‍රස්තාර හදල අනිත් අය සමඟ බෙදා හදා ගන්න මේ අඩවියෙන් පුළුවන්. 


මේ වගේ ප්‍රස්තාර හදන්න පුළුව්න් වෙබ් අඩවි තව ගොඩක් තියෙනව, හොයල බලන්නකෝ.



Picture2Life කියන්නෙත් ඔන්ලයින් ඉමේජ් එඩිටර් එකක්. මේකෙන් ඔයාලට collages හදාගන්න පුළුවන්. තව GIF Animations පවා හදා ගන්න පුළුවන්. දැනටමත් ඔන්ලයින් තියෙන ඔයාලගෙ ඡායාරූප එක්ක, මේක ඉතාම හොදට වැඩ කරනව.







LookWow කියන අඩවියෙන් පුළුවන්, ඔයාලගෙ ඡායාරූප කපල කොටල, පාට හදල, red eye අයින් කරල, ලස්සන කරගන්න.







Photoshop.Com කියන්නෙ ඔන්ලයින් ෆොටෝස් බෙදා හදා ගන්නම හදල තියෙන අඩවියක්, ඔයාලට ඒකෙ 2GB ඉඩක් ලැබෙනව ඡායාරූප ගබඩා කරල, සකසා ගන්න, වෙනස් කරන්න, බෙදා හදා ගන්න.







FotoFlexer කියන්නෙ අන්තර්ජාලය තුළ තියෙන ඉතාම දියුණු ෆොටෝ එඩිටර් එකක්. මුදල් දීල මිලදී ගන්න ඕනෙ මෘදුකාංග වලින් කරන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම්, මේකෙන් ලේසියෙන්ම ඔන්ලයින් කරගන්න පුළුවන්.







Electro-House Blender කියන්නෙ ඔන්ලයින් තියෙන ඉතාම හොඳ music mixer එකක්, අපේ tracks දාල, එක එක effects එහෙමත් දාල ලොකු ලොකු වැඩ කරගන්න පුළුවන්.







Aviary Myna Audio Editor කියන්නෙ ඔය කියන වැඩ ටික ඔන්ලයින් කරගන්න පුළුවන් එබ් අඩවියක්. Music tracks remix කරල, sound effects දාල, ඔයාලගෙ කටහඬත් එකතු කරල, ඔයාලගෙ වාද්‍ය භාණ්ඩ වල හඬත් එකතු කරල ලස්සන සංගීතයන් හදන්න කියාපු වෙබ් අඩවියක්.







Mad Creator කියන්නෙ ඔයාලට ඕනෙ සිංදුවකින් හරි youtube වල තියෙන සිංදුවකින් හරි රිං ටෝන් එකක් හදල දෙන වෙබ් අඩවියක්. 







CaptionTube කියන්නෙ, ඔයාලගෙ youtube විඩියෝ වලට ලේසියෙන්ම captions හදා ගන්න පුළුවන් වෙබ් අඩවියක්.







One True Media කියල කියන්නෙ ඔයාලගෙ ඡායාරූප හා විඩියෝ ක්ලිප, ඉතාම පහසුවෙන් හා නොමිලේ ලස්සන slide shows බවට පත් කරල දෙන වෙබ් අඩවියක්.




StatusNet කියන්නෙ OpenSource MicroBlogging සේවයක්. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලගෙම ඩොමේනයක් තුළ විවිධ දේවල් බෙදාහදා ගන්න, සම්බන්ධ වෙන්න. ඒ අතරෙම ඔයාලට පුළුවන් ඔයාලගෙම community එකක් හදා ගන්න.


Heyzap කියන්නෙ ඔබගේ වෙබ් අඩවියට, නැත්තම් බ්ලොග් අඩවියට එක එක විදිහෙ flash games එකතු කරගන්න පුළුවන් අඩවියක්. ඒකෙන් ඔයාලට පුළුවන් වැඩි කාලයක්, ඔබේ අඩවිය පාවිච්චි කරන අය අඩවිය තුළ තියාගන්න වගේම traffic වැඩි කරගන්න. ඔබට තෝරාගන්න games 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනව.


මේකත් ගූගල් එකෙන් දෙන followers widget එක වගේ ටිකක්. Redanyway එකෙන් දෙනව අපෙ අඩවියට එකතු කරගන්න පුළුවන් විජට් එකක්. මේකෙන් ඔබේ මිතුරන්ට පුළුවන් ඔබේ බ්ලොග් එක ෆොලෝ කරන්න.


.
මං එහෙනම් යනව නිදගන්න. ඉන්න හැමෝටම සුභ රාත්‍රියක්. මම ගියා කියල ඔන්න මගෙ බ්ලොග් එක නම් නිදි නෑ හොඳේ. තව ගොඩක් ලිපි තියෙනව හොඳ ඒව,, තව ලස්සන ප්‍රයෝජනවත් එබ් අඩවි ගැනත් විස්තර තියෙනව.
බලන්නකෝ. මම උදේට හම්බ වෙන්නම් එහෙනම්, Good night වේවා!!!

Roboto කියන අඩවියෙන් ඔයාලට පුළුවන් ඔයාලගෙ සියළුම statuses එක තැනක පෙන්නන්න. 



Tynt කියන්නෙ ඔයාටම ගැළපෙන අඩවියක්. මේකෙන් track කරනව, කට්ටිය ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල. පොඩි කෝඩ් කෑල්ලක් ටෙම්ප්ලේට් එකට එකතු කරන්න විතරයි තියෙන්නෙ. 



BTemplates කියන්නෙ ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට් තියෙන වෙබ් අඩවියක්. එක එක විදිහට වෙන් කරල ඔයාලට ඕනෙ දේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහට අඩවිය හදල තියෙනව.



Saturday, April 24, 2010
Gladinet කියන්නෙ ඔයාගෙ cloud storage සහ services එක ඔයාගෙම පරිගණකය තුළට ස්ථාපනය කරල දෙන අඩවියක්.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්‍රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව. 

ඒක ඔයාට Personal Cloud Agent කෙනෙක්. Cloud service දෙන අයට Desktop delivery agent කෙනෙක්.
 


Yonkly වලින් ඔයාලට පුළුවන් ඔයාලගෙම micro blogging වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න. ඒකෙ අයිතිකරය විදිහට ඔයාට ලොකු control panel එකකුත් ලැබෙනව, වැඩ ගොඩක් කරන්න පුළුවන්.
නමුත් යාළුවනේ, මේක මාස 2ක් විතරයි ෆ්ඊ දෙන්නෙ, ඊට පස්සෙ ඔයාලට සල්ලි ගෙවන්න වෙනව මේක පවත්වාගෙන යන්න.

මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.
ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,
"මාව තොටගමුවට ගෙන යව" කියල.
යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,
"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.
ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.



Loogix කියන්නෙ ඔන්ලයින් GIF Animator එකක්. ඔයාලට තියෙන්නෙ ඡායාරූප කිහිපයක් එතනට එකතු කරල ඒවට එක එක effect දාන්න. ඊට පස්සෙ Generate Animation එක ක්ලික් කළාම ඇනිමේශන් එක හදල දෙනව. html කෝඩ් එකකුත් දෙනව, ඔයාලට මේක මුහුණුපොත වගේ තැන් වලත් ලේසියෙන්ම දාගන්න පුළුවන්.


CardFunk කියන්නෙ ලස්සන සුභ පැතුම් පත්, නිවාඩු ගැන කාඩ් හදන්න පුළුවන් වෙබ් අඩවියක්. ඒකෙන් හදන ඒව ඔයාලගෙ යාළුවන්ට යවන්නත් පුළුවන්.
සංගීතය, අකුරු, තව දේවල් ඒ කාඩ් වලට එකතු කරගන්න පුළුවන්. 
මේ අවුරුදු කාලෙ ඇයි මේකෙන් කාඩ් එකක් හදල යාලුවන්ට යවන්නෙ නැත්තෙ?



Scumlabs කියන්නෙ ෆ්ලෑෂ් ගේම්ස් තියෙන වෙබ් අඩවියක්. මාරම ගේම්ස් ගොඩක් තියෙනව. බලන්නකො ගිහිල්ල, කම්මැලිකමට කාලෙ ගත කරන්න කියාපු තැනක්.




ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.



.
රාහුල හාමුදුරුවො මහණ වෙන්න ඉස්සෙල්ල (ඒ කියන්නෙ දෙමටානේ කුමාරය කාලෙ), විදාගම හාමුදුරුවො ලඟ කාලයක් හිටිය. විදාගම හාමුදුරුවො යන හැම තැනකම දෙමටානේ කුමාරයත් ගියා. (පෙර කතාවක්: මේ දෙන්නම හොඳ කවියො)
ඔන්න ඉතින් දවසක් දෙන්න යනව දුර ගමක දානයකට. ඔහොම යනකොට මේ දෙන්නට පැල්පත් කණ්ඩයක් හරහා යන්න වෙනව. මේ එක පැල්පතක් ඉස්සරහ මිදුලේ සිනිඳු සේළයකින් සැරසිලා හාල් ගරන කාන්තාවක් දකිනව.
ඈ ඉතාම රූමත්, ඇඳ සිටි සේළයෙන් මිදී පැන දුවන්නට උත්සාහ දරන රණ හංස යුවලක් මෙන් ඇගේ පීන පයෝධර සේළයෙන් නිරාවරණය වෙලා තිබුන. ඇය දැක්කෙ නෑ මේ අමුත්තන්.
මේක දැකල මත් වෙච්ච විදාගම හාමුදුරුවො, දෙමටානේ කුමාරය ඉන්නව කියලත් අමතක වෙලා හාල් ගරන මේ කාන්තාව දැකල මෙහෙම කිව්ව.
සිහින් සිනිඳු සුදු සේලේ,
හීන් ඇඟට ඇඳි සේලේ,
දෙමටානේ කුමාරයත් ඈතදීම මේ කාන්තාව දැක්ක. හාමුදුරුවන්ගෙ ගති ලක්ෂණ හොඳින් බලා හිටිය කුමාරයට තේරුනා හාමුදුරුවො මේ කාන්තාවටලොබ බැන්ද කියල. ඒක පෙන්නන්න කුමාරය මොකද කළේ, අර කවිය මෙහෙම සම්පූර්ණ කළා.
හාල් ගරන කත මිදුලේ,
දැක් මහණෙක් ලොබය කළේ.
හපෝයි........
.
මේක ඇවිල්ල සුරක්ෂිත, තාවකාලික චැට් රූම් එකක් හදා ගන්න අවස්ථාවක්. ඔයාලට ඕනෙ නම් ටික වෙලාවකට චැට් රූම් එකක්, මෙන්න යන්න ඕනෙ තැන. 
TinyChat කියන අඩවියට ගිහිල්ල චැට් රූම් එකක් හදා ගන්න. එයාල දෙන ලින්ක් එක අනිත් කෙනාට යවන්න, එයත් චැට් එකට ආවම දෙන්නට චැට් කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකෙන්ම.
වැඩ ඉවර උනාම දෙන්නම පිට වෙලා ගියාම ඔයාලගෙ සියළුම තොරතුරුත් නැති වෙලා යනව. 



.
WebbyChat කියන්නෙ ඔයාලගෙ වෙබ් අඩවිය චැට් රූම් එකකට හරවන්න අවස්ථාවක් දෙන වෙබ් අඩවියක්. 
ඔයාලට පුළුවන් පුද්ගලයින් වෙබ් අඩවියේ අන්තර්ගතය අනුව කොටස් කරන්න. මේකෙන් ඒ අන්තර්ගතයන් ගැන කතා කරන කට්ටිය වැඩිකරන්න පුළුවන්.





.
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතාවක්. ඔයාලට මතක ඇති මම මගෙ සිංහල බ්ලොග් එකේ මේ වගේ කතා කිහිපයක්ම කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීමජම්මෙද, පුරුද්දද?සෘද්ධි තෛලය)
මේ සිදුවීම වෙන්නෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ පොඩි කාලෙ. උන්නන්සෙ කුඩා කාලෙ හැඳින්වුනේ දෙමටානේ කුමාරයා කියල.
ඔන්න ඉතින් දෙමාටානේ කුමාරය දවසක් දිය කඩිත්තක් ලඟට ගිහිල්ල බිලී පිත්තකුත් දාගෙන මාළු බානව. එදා අටවක පෝය දවසක්. විදාගම මෛත්‍රී හාමුදුරුවො ඔතනින් යනව, දකිනව මේ මාළු බාන පොඩි එකාව.
අටවක පෝය දවසකත් මෙහෙම පාපයට කිසිම බයක් නැතුව ප්‍රාණ ඝාතයේ යෙදෙන මේ කොල්ලව දැකපු හාමුදුරුවො, පණ නැසීමේ ආදීනව කියල මේ කොල්ලව හොඳ මගට ගන්න කියල හිතාගෙන යනව ඔහු ලඟට. ගිහිල්ල මෙහෙම අහනව.
"ඈ දරුවො, අටවකේ උඹ මොකද ඔයි කරන්නෙ?"
කුමාරය වතුර දිහා බලාගෙන හිටි හින්ද හාමුදුරුවො ලඟට එනකම්ම දැක්කෙ නෑ. කොල්ල මෙහෙම කිව්ව.
"අපේ හාමුදුරුවනේ මේකෙ ඇත්තෙ එක වකයි" 
කියල බිලී පිත්ත හාමුදුරුවන්ට පෙන්නපු කුමාරය කිසිම අමුත්තක් නොපෙන්නා ආපහු තමුන්ගෙ වැඩේට බැස්ස.
තමුන්ට කිසිම ගරුසරුවක් දක්වන්නෙ නැතුව තමුන්ගෙ වැඩේ කරගෙන යන මේ වැඩේට පොඩ්ඩක් හාමුදුරුවන්ට අප්සෙට්. හාමුදුරුවො අහනව ආපහු,
"ඈ බොල කොලුවො, තෝ කොයි වල යන්න හිතානද බිලී බාන්නෙ?"
එතකොට කුමාරයා,
"අවසර හාමුදුරුවනේ. මේ වලේ කනයෙක් කාවය්යෙක් අහුවුනේ නැත්තම්, අර එහා පේන වලට යනව, ඒකෙත් මොකෙක්වත් නැත්තම් අර ඈතින් පේන අමුණට යනව, එහෙමත් නැත්තම් ඉතින් මක් කොරන්නද, බිලීප් පිත්ත වැටකේ පඳුර අස්සෙ හංගල ගෙදර යනව"
කියල කිව්ව.
එහෙම කියල හාමුදුරුවො ගැන තැකීමක් නැතුව මාළු බාන වැඩේ කොරගෙන ගියා.

තවත් මේක එක්ක කතා කරල වැඩක් නැති බව තේරිච්ච හාමුදුරුවො, ආපහු පංසලට වැඩිය. එහෙත්, කුමාරය මෙහෙම කිසිම ගරු සරුවක් නැතුව කතා කළේ, මෝඩ කමට නැත්තම් වාචාල කමට නොව ඒ වෙලාවෙ ස්වාමීන්වහන්සේ කෙනෙක්ට මුහුණ දීල ඇති වෙච්ච අපහසුතාවය මග ඇරගන්න කියල තේරුම් ගත්තු හාමුදුරුවො ඔහුගේ තැනට සුදුසු නුවණ ගැන පැහැදුනා.
අටවක කියන්නෙ පෝය මිස වක 8ක් නොවන බවත්, වල කියන්නෙ දිය කඩිත්තක් නොව අපාය බවත් අනිත් ඕනෙම ළමයෙකුට වඩා කුමාරය දැනගෙන හිටිය.
.
ඔන්න ඉතින් අපි දුවන්න පටාං ගත්තලු. මේ මැරතන් එක (තනි වචනයෙන් කිව්වොත් "බ්ලොගතන්") දිගටම දුවල ඉවරම කරන්නතමයි ට්‍රයි එක දෙන්න හිතාන ඉන්නෙ. හරියටම විනදි 15කට සැරයක්ම පෝස්ට් එකක් දාන්න බැරි වෙයි. නමුත් උපරිම උත්සාහය දරනව.
එහෙනම් ඔය බලන්න එන කස්ටිය අපිටත් වතුර එකක් දෙකක් ගහන්න හොඳේ.
එහෙනම් ගුඩ් ලක් කිව්ව හැමෝටම, එකතු වෙලා දුවමු එහෙනම්....
.
Wednesday, April 14, 2010

ලොව වටා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට, සාමය සතුට පිරි, සියළු අනාගත සිතුම් පැතුම් ඉටු වන, ආදරයෙන් හා ජීවයෙන් සපිරුන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!


ඔබගේ සියළුම පැතුම් ඉටු වේවා...

Wednesday, April 7, 2010
ඔන්න මැරතන් එක තියෙන දවස ප්‍රකාශයට පත් කරල. මේ තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඒක කිව්ව ලිපියෙ තිබ්බ විස්තරේ.

2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව
2010 අප්‍රේල් 24 සෙනසුරාදා
අපර භාග 8 සිට
2010 අප්‍රේල් 25 ඉරිදා
පූර්ව භාග 8 දක්වා
පුරා පැය 12ක්
සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.
මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න