Sunday, April 25, 2010
යක්කු බැඳ ගත්තට උං එක්ක වැඩ කරන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද උන් වැඩේ ඉක්මනටම ඉවර කරල ආපහු ඇවිල්ල ස්වාමියාගෙන් වැඩ ඉල්ලනව.
මම ඉස්සෙල්ල කතාවකත් කිව්වනෙ රාහුල හාමුදුරුවො යක්කුන්ගෙන් වැඩ ගත්ත කියල. මෙහෙම උන්නන්සෙ කියපු ඔක්කොම වැඩ ඉවර කරල යක්කු ඇවිල්ල උන්නාන්සෙට කරදර කරනව තවත් වැඩ ඉල්ලල. උන්නන්සෙට හරිම කරදරේ, නිදාගනන්වත් නෑ. ඉතින් මේ කරදරෙන් මිදෙන්න උන්නන්සෙ පොඩි උපායක් යෙදුව.
ඊලඟට යක්කු ආපු දවසෙ හාමුදුරුවො මෙන්න මෙහෙම වැඩක් දුන්න.
නාවා ගස් කපල ඒවයෙ අතු වල පට්ට ගසා වැවට දාල සතියක් තියන්න කිව්ව. සතියකට පස්සෙ ඒ ටික ගොඩ අරන් ආපහු අරන් එන්න කිව්ව.
ඉතින් යක්කුත් ඒ කිව්ව විදිහට නාවා කඳන් කපල පට්ට ගහල සතියක් තිබ්බ වතුරට දාල.
සතිය ඉවර උනාම යක්කු ගියා ඒ ටික අරගෙන එන්න. ඉතින් යක්කු වතුරට බැහැල ඒ කඳන් ටික ගොඩ ගන්න ට්‍රයි කළා. මොකද උනේ?
අනේ කොච්චර ට්‍රයි කළත් එක කොටයක්වත් ගොඩ ගන්න තියා උස්සගන්නවත් බෑ. කොට ඔක්කොගෙම හොඳට දිය සෙවෙළ බැඳිල ආඳ වගේ හැම එකක්ම ලිස්සල යනව. නාවා කඳක් පොතු ගහල පල් වෙන්න වතුරට දාල තිබ්බම ඒ දඬු අත තියන්නවත් බැරි තරම් ලිස්සනව, යකෙක්ට මිනිහෙක්ට තියා දෙය්යෙක්ටවත් ඒකක් නම් උස්සල ගන්න බෑ.
ඉතිං අනේ මේ අසරණ යක්කු ටික කොච්චර උත්සාහ කලත් වැඩේ කරගන්න බෑ. ඉතිඞ් උන් මොකද කළේ, හාමුදුරුවො දුන්න වැඩේ කරන්න බැරි වෙච්ච නිසා හාමුදුරුවො දඬුවම් කරයි කියන බයට ආපහු නොඑන්නම උන් ටික පැනල ගියා.
තමුන්ට නිතරම කරදර කරන යක්කුන්ගෙන් බේරෙන්න මේක තමා හොඳම ක්‍රමේ කියල හිතපු රාහුල හාමුදුරුවො, මේ කරන්න ඇරි වැඩේ දීල යක්කුන්ගෙන් බේරුනා.

0 comments:

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න