Saturday, April 24, 2010
Gladinet කියන්නෙ ඔයාගෙ cloud storage සහ services එක ඔයාගෙම පරිගණකය තුළට ස්ථාපනය කරල දෙන අඩවියක්.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්‍රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව. 

ඒක ඔයාට Personal Cloud Agent කෙනෙක්. Cloud service දෙන අයට Desktop delivery agent කෙනෙක්.
 


Yonkly වලින් ඔයාලට පුළුවන් ඔයාලගෙම micro blogging වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න. ඒකෙ අයිතිකරය විදිහට ඔයාට ලොකු control panel එකකුත් ලැබෙනව, වැඩ ගොඩක් කරන්න පුළුවන්.
නමුත් යාළුවනේ, මේක මාස 2ක් විතරයි ෆ්ඊ දෙන්නෙ, ඊට පස්සෙ ඔයාලට සල්ලි ගෙවන්න වෙනව මේක පවත්වාගෙන යන්න.

මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.
ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,
"මාව තොටගමුවට ගෙන යව" කියල.
යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,
"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.
ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.



Loogix කියන්නෙ ඔන්ලයින් GIF Animator එකක්. ඔයාලට තියෙන්නෙ ඡායාරූප කිහිපයක් එතනට එකතු කරල ඒවට එක එක effect දාන්න. ඊට පස්සෙ Generate Animation එක ක්ලික් කළාම ඇනිමේශන් එක හදල දෙනව. html කෝඩ් එකකුත් දෙනව, ඔයාලට මේක මුහුණුපොත වගේ තැන් වලත් ලේසියෙන්ම දාගන්න පුළුවන්.


CardFunk කියන්නෙ ලස්සන සුභ පැතුම් පත්, නිවාඩු ගැන කාඩ් හදන්න පුළුවන් වෙබ් අඩවියක්. ඒකෙන් හදන ඒව ඔයාලගෙ යාළුවන්ට යවන්නත් පුළුවන්.
සංගීතය, අකුරු, තව දේවල් ඒ කාඩ් වලට එකතු කරගන්න පුළුවන්. 
මේ අවුරුදු කාලෙ ඇයි මේකෙන් කාඩ් එකක් හදල යාලුවන්ට යවන්නෙ නැත්තෙ?



Scumlabs කියන්නෙ ෆ්ලෑෂ් ගේම්ස් තියෙන වෙබ් අඩවියක්. මාරම ගේම්ස් ගොඩක් තියෙනව. බලන්නකො ගිහිල්ල, කම්මැලිකමට කාලෙ ගත කරන්න කියාපු තැනක්.




ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.



.
රාහුල හාමුදුරුවො මහණ වෙන්න ඉස්සෙල්ල (ඒ කියන්නෙ දෙමටානේ කුමාරය කාලෙ), විදාගම හාමුදුරුවො ලඟ කාලයක් හිටිය. විදාගම හාමුදුරුවො යන හැම තැනකම දෙමටානේ කුමාරයත් ගියා. (පෙර කතාවක්: මේ දෙන්නම හොඳ කවියො)
ඔන්න ඉතින් දවසක් දෙන්න යනව දුර ගමක දානයකට. ඔහොම යනකොට මේ දෙන්නට පැල්පත් කණ්ඩයක් හරහා යන්න වෙනව. මේ එක පැල්පතක් ඉස්සරහ මිදුලේ සිනිඳු සේළයකින් සැරසිලා හාල් ගරන කාන්තාවක් දකිනව.
ඈ ඉතාම රූමත්, ඇඳ සිටි සේළයෙන් මිදී පැන දුවන්නට උත්සාහ දරන රණ හංස යුවලක් මෙන් ඇගේ පීන පයෝධර සේළයෙන් නිරාවරණය වෙලා තිබුන. ඇය දැක්කෙ නෑ මේ අමුත්තන්.
මේක දැකල මත් වෙච්ච විදාගම හාමුදුරුවො, දෙමටානේ කුමාරය ඉන්නව කියලත් අමතක වෙලා හාල් ගරන මේ කාන්තාව දැකල මෙහෙම කිව්ව.
සිහින් සිනිඳු සුදු සේලේ,
හීන් ඇඟට ඇඳි සේලේ,
දෙමටානේ කුමාරයත් ඈතදීම මේ කාන්තාව දැක්ක. හාමුදුරුවන්ගෙ ගති ලක්ෂණ හොඳින් බලා හිටිය කුමාරයට තේරුනා හාමුදුරුවො මේ කාන්තාවටලොබ බැන්ද කියල. ඒක පෙන්නන්න කුමාරය මොකද කළේ, අර කවිය මෙහෙම සම්පූර්ණ කළා.
හාල් ගරන කත මිදුලේ,
දැක් මහණෙක් ලොබය කළේ.
හපෝයි........
.
මේක ඇවිල්ල සුරක්ෂිත, තාවකාලික චැට් රූම් එකක් හදා ගන්න අවස්ථාවක්. ඔයාලට ඕනෙ නම් ටික වෙලාවකට චැට් රූම් එකක්, මෙන්න යන්න ඕනෙ තැන. 
TinyChat කියන අඩවියට ගිහිල්ල චැට් රූම් එකක් හදා ගන්න. එයාල දෙන ලින්ක් එක අනිත් කෙනාට යවන්න, එයත් චැට් එකට ආවම දෙන්නට චැට් කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකෙන්ම.
වැඩ ඉවර උනාම දෙන්නම පිට වෙලා ගියාම ඔයාලගෙ සියළුම තොරතුරුත් නැති වෙලා යනව. 



.
WebbyChat කියන්නෙ ඔයාලගෙ වෙබ් අඩවිය චැට් රූම් එකකට හරවන්න අවස්ථාවක් දෙන වෙබ් අඩවියක්. 
ඔයාලට පුළුවන් පුද්ගලයින් වෙබ් අඩවියේ අන්තර්ගතය අනුව කොටස් කරන්න. මේකෙන් ඒ අන්තර්ගතයන් ගැන කතා කරන කට්ටිය වැඩිකරන්න පුළුවන්.





.
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතාවක්. ඔයාලට මතක ඇති මම මගෙ සිංහල බ්ලොග් එකේ මේ වගේ කතා කිහිපයක්ම කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීමජම්මෙද, පුරුද්දද?සෘද්ධි තෛලය)
මේ සිදුවීම වෙන්නෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ පොඩි කාලෙ. උන්නන්සෙ කුඩා කාලෙ හැඳින්වුනේ දෙමටානේ කුමාරයා කියල.
ඔන්න ඉතින් දෙමාටානේ කුමාරය දවසක් දිය කඩිත්තක් ලඟට ගිහිල්ල බිලී පිත්තකුත් දාගෙන මාළු බානව. එදා අටවක පෝය දවසක්. විදාගම මෛත්‍රී හාමුදුරුවො ඔතනින් යනව, දකිනව මේ මාළු බාන පොඩි එකාව.
අටවක පෝය දවසකත් මෙහෙම පාපයට කිසිම බයක් නැතුව ප්‍රාණ ඝාතයේ යෙදෙන මේ කොල්ලව දැකපු හාමුදුරුවො, පණ නැසීමේ ආදීනව කියල මේ කොල්ලව හොඳ මගට ගන්න කියල හිතාගෙන යනව ඔහු ලඟට. ගිහිල්ල මෙහෙම අහනව.
"ඈ දරුවො, අටවකේ උඹ මොකද ඔයි කරන්නෙ?"
කුමාරය වතුර දිහා බලාගෙන හිටි හින්ද හාමුදුරුවො ලඟට එනකම්ම දැක්කෙ නෑ. කොල්ල මෙහෙම කිව්ව.
"අපේ හාමුදුරුවනේ මේකෙ ඇත්තෙ එක වකයි" 
කියල බිලී පිත්ත හාමුදුරුවන්ට පෙන්නපු කුමාරය කිසිම අමුත්තක් නොපෙන්නා ආපහු තමුන්ගෙ වැඩේට බැස්ස.
තමුන්ට කිසිම ගරුසරුවක් දක්වන්නෙ නැතුව තමුන්ගෙ වැඩේ කරගෙන යන මේ වැඩේට පොඩ්ඩක් හාමුදුරුවන්ට අප්සෙට්. හාමුදුරුවො අහනව ආපහු,
"ඈ බොල කොලුවො, තෝ කොයි වල යන්න හිතානද බිලී බාන්නෙ?"
එතකොට කුමාරයා,
"අවසර හාමුදුරුවනේ. මේ වලේ කනයෙක් කාවය්යෙක් අහුවුනේ නැත්තම්, අර එහා පේන වලට යනව, ඒකෙත් මොකෙක්වත් නැත්තම් අර ඈතින් පේන අමුණට යනව, එහෙමත් නැත්තම් ඉතින් මක් කොරන්නද, බිලීප් පිත්ත වැටකේ පඳුර අස්සෙ හංගල ගෙදර යනව"
කියල කිව්ව.
එහෙම කියල හාමුදුරුවො ගැන තැකීමක් නැතුව මාළු බාන වැඩේ කොරගෙන ගියා.

තවත් මේක එක්ක කතා කරල වැඩක් නැති බව තේරිච්ච හාමුදුරුවො, ආපහු පංසලට වැඩිය. එහෙත්, කුමාරය මෙහෙම කිසිම ගරු සරුවක් නැතුව කතා කළේ, මෝඩ කමට නැත්තම් වාචාල කමට නොව ඒ වෙලාවෙ ස්වාමීන්වහන්සේ කෙනෙක්ට මුහුණ දීල ඇති වෙච්ච අපහසුතාවය මග ඇරගන්න කියල තේරුම් ගත්තු හාමුදුරුවො ඔහුගේ තැනට සුදුසු නුවණ ගැන පැහැදුනා.
අටවක කියන්නෙ පෝය මිස වක 8ක් නොවන බවත්, වල කියන්නෙ දිය කඩිත්තක් නොව අපාය බවත් අනිත් ඕනෙම ළමයෙකුට වඩා කුමාරය දැනගෙන හිටිය.
.
ඔන්න ඉතින් අපි දුවන්න පටාං ගත්තලු. මේ මැරතන් එක (තනි වචනයෙන් කිව්වොත් "බ්ලොගතන්") දිගටම දුවල ඉවරම කරන්නතමයි ට්‍රයි එක දෙන්න හිතාන ඉන්නෙ. හරියටම විනදි 15කට සැරයක්ම පෝස්ට් එකක් දාන්න බැරි වෙයි. නමුත් උපරිම උත්සාහය දරනව.
එහෙනම් ඔය බලන්න එන කස්ටිය අපිටත් වතුර එකක් දෙකක් ගහන්න හොඳේ.
එහෙනම් ගුඩ් ලක් කිව්ව හැමෝටම, එකතු වෙලා දුවමු එහෙනම්....
.
සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න