Saturday, April 24, 2010
.
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතාවක්. ඔයාලට මතක ඇති මම මගෙ සිංහල බ්ලොග් එකේ මේ වගේ කතා කිහිපයක්ම කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීමජම්මෙද, පුරුද්දද?සෘද්ධි තෛලය)
මේ සිදුවීම වෙන්නෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ පොඩි කාලෙ. උන්නන්සෙ කුඩා කාලෙ හැඳින්වුනේ දෙමටානේ කුමාරයා කියල.
ඔන්න ඉතින් දෙමාටානේ කුමාරය දවසක් දිය කඩිත්තක් ලඟට ගිහිල්ල බිලී පිත්තකුත් දාගෙන මාළු බානව. එදා අටවක පෝය දවසක්. විදාගම මෛත්‍රී හාමුදුරුවො ඔතනින් යනව, දකිනව මේ මාළු බාන පොඩි එකාව.
අටවක පෝය දවසකත් මෙහෙම පාපයට කිසිම බයක් නැතුව ප්‍රාණ ඝාතයේ යෙදෙන මේ කොල්ලව දැකපු හාමුදුරුවො, පණ නැසීමේ ආදීනව කියල මේ කොල්ලව හොඳ මගට ගන්න කියල හිතාගෙන යනව ඔහු ලඟට. ගිහිල්ල මෙහෙම අහනව.
"ඈ දරුවො, අටවකේ උඹ මොකද ඔයි කරන්නෙ?"
කුමාරය වතුර දිහා බලාගෙන හිටි හින්ද හාමුදුරුවො ලඟට එනකම්ම දැක්කෙ නෑ. කොල්ල මෙහෙම කිව්ව.
"අපේ හාමුදුරුවනේ මේකෙ ඇත්තෙ එක වකයි" 
කියල බිලී පිත්ත හාමුදුරුවන්ට පෙන්නපු කුමාරය කිසිම අමුත්තක් නොපෙන්නා ආපහු තමුන්ගෙ වැඩේට බැස්ස.
තමුන්ට කිසිම ගරුසරුවක් දක්වන්නෙ නැතුව තමුන්ගෙ වැඩේ කරගෙන යන මේ වැඩේට පොඩ්ඩක් හාමුදුරුවන්ට අප්සෙට්. හාමුදුරුවො අහනව ආපහු,
"ඈ බොල කොලුවො, තෝ කොයි වල යන්න හිතානද බිලී බාන්නෙ?"
එතකොට කුමාරයා,
"අවසර හාමුදුරුවනේ. මේ වලේ කනයෙක් කාවය්යෙක් අහුවුනේ නැත්තම්, අර එහා පේන වලට යනව, ඒකෙත් මොකෙක්වත් නැත්තම් අර ඈතින් පේන අමුණට යනව, එහෙමත් නැත්තම් ඉතින් මක් කොරන්නද, බිලීප් පිත්ත වැටකේ පඳුර අස්සෙ හංගල ගෙදර යනව"
කියල කිව්ව.
එහෙම කියල හාමුදුරුවො ගැන තැකීමක් නැතුව මාළු බාන වැඩේ කොරගෙන ගියා.

තවත් මේක එක්ක කතා කරල වැඩක් නැති බව තේරිච්ච හාමුදුරුවො, ආපහු පංසලට වැඩිය. එහෙත්, කුමාරය මෙහෙම කිසිම ගරු සරුවක් නැතුව කතා කළේ, මෝඩ කමට නැත්තම් වාචාල කමට නොව ඒ වෙලාවෙ ස්වාමීන්වහන්සේ කෙනෙක්ට මුහුණ දීල ඇති වෙච්ච අපහසුතාවය මග ඇරගන්න කියල තේරුම් ගත්තු හාමුදුරුවො ඔහුගේ තැනට සුදුසු නුවණ ගැන පැහැදුනා.
අටවක කියන්නෙ පෝය මිස වක 8ක් නොවන බවත්, වල කියන්නෙ දිය කඩිත්තක් නොව අපාය බවත් අනිත් ඕනෙම ළමයෙකුට වඩා කුමාරය දැනගෙන හිටිය.

3 comments:

Anonymous said...

ඔහොම යං ඔහොම යං! පොඩි පොඩි කතා නියමයි! ඔන්න එහෙවම් හැලුව බාල්දියක්!  :)

Madhawa Habarakada said...

තැන්කූ වේවා. ඔයා තමා පලවෙනි වතුර පාර ගැහුවෙ. ආපහු තැන්කූ...

Nishacharaya said...

නියමයි... රාහුල හාමුදුරුවන්ගේ කතා ගොඩක් තියෙනවා.. තව ලියමු... ජය වේවා...

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න